Artwork: Jack Forbes
Artwork: Jack Forbes

භෞතික සහ ඩිජිටල් ආරක්ෂාව: සිවිල් බාධක

2021 ජූලි 20 යාවත්කාලීන කරන ලදී.

ප්‍රචණ්ඩ විරෝධතා ආවරණය කිරීමට යාමේදී, මහජන ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ ස්ථානවල සිට වාර්තා කිරීම ඉතා

අනතුරුදායක විය හැකිය. සෑම වසරක් පාසා බොහෝ මාධ්‍ය කරුවන් තුවාල ලබන අතර, මෙම අවදානම අවම කිරීම සඳහා, මාධ්‍යවේදීන් පහත ආරක්ෂක ක්‍රම සලකා බැලිය යුතුය:

කාර්යන් සැලසුම් කිරීම:

  • පැමිණ සිටින්නේ කවුරුන්ද සහ ඔවුන්ට මාධ්‍ය ගැන හැඟෙන්නේ කෙසේද යන්න ප්‍රතයෙන් සොයා බලන්න (උදා: අන්තවාදී කණ්ඩායම්, විරෝධතාකරුවන්ට එරෙහි වන්නන්, සන්නද්ධ මුර සංචාර, කැරලි මර්දන පොලිසිය).
  • ස්ථානය පිළිබඳව ගවේෂණය කර අවබෝදයක් ලබා  ගන්න. විවිධ වූ උපද්‍රව සහ අනතුරු දායක ස්ථාන සහ ප්‍රධාන ගැලවීමේ මාර්ග හඳුනා ගන්න.
  • හදිසි අවස්ථාවකදී ඔබ කරන්නේ කුමක්ද සහ ඔබ යන්නේ කොතැනටද යන්න සොයා බලන්න.
  • රාත්‍රියේදී  වැඩ කිරීම අනතුරුදායක වන අතර හැකි සෑම විටම එයින් වැළකී සිටින්න.
  • රාත්‍රියක් රැඳී සිටින්නේ නම්, අනතුරු දායක ස්ථාන වලින් ඈතට වී සිටින්නට හැකි ආරක්ෂිත ස්ථානයක් තෝරාගන්න.
  • වැඩි විස්තර සඳහා CPJ සැලසුමේ ඇති උපදෙස් බලන්න.

කාර්ය මණ්ඩල සඳහා වූ සලකා බැලීම්

  • පුද්ගලික තොරතුරු, ස්ත්‍රී පුරුෂ භාවය, වාර්ගිකත්වය හෝ වෙනත් ලිංගික වෙනස්කම්, ඕනෑම සතුරු ක්‍රියාකාරිකයෙකු සඳහා ඉලක්කයක් විය හැකිද යන්න සලකා බලන්න.
  • අනතුරු දායක ස්ථානයක් වාර්තා කරන්නන් හට  පැමිණෙන අනතුරු වලින් වැලකි සිටීමටත්  එයට ප්‍රතිචාර දැක්වීමටත්  සහ ඉන් ඉවත් වීමට  තරම් හොඳ ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතුය.
  • තනි පුද්ගලයන් ලෙස තනි තනිව වැඩ කිරීමට බලාපොරොත්තු නොවිය යුතුය. සෑම විටම තවත් අයෙකු සමඟ     
  • වැඩ කිරීමට උත්සාහ කරන්න. හදිසි රැස්වීම්  සඳහා එකඟ වන්න.වැඩි විස්තර සඳහා, කරුණාකර CPJ හි උපදෙස් බලන්න.

සන්නිවේදන

  • ඔබේ කාර්යාලයේ අය , පවුලේ අය හෝ මිතුරන් සමඟ නිතිපතා සම්බන්ද වීමට සහ අදිසි අවස්ථාවකදී ඔවුන් වෙත පැමිණීමට හැකි ලෙස ක්‍රියාවලියක් සකසාගන්න .
  • තුවාලයක් හෝ අත් අඩංගුවට ගැනීමක් සිදු වූ විට හදිසි නීති සහ උපදෙස්මාලා ක්‍රියාත්මක කරන්න, සහාය සඳහා ඇමතිය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ විස්තර දැනගෙන සිටින්න. (උදා: නීති නියෝජිතයෙකු) වැඩි උපදෙස් සඳහා CPJ හි අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීමේ ආරක්ෂක සටහන බලන්න.
  • ඔබ වටා සිදුවන දේ සහ වර්ධනය වන තර්ජන පිළිබඳව ඔබව දැනුවත් කිරීමට සහ උපකාර කිරීම සඳහා ඔබට සහය වන්නෙකුගේ අවශ්‍යතාවය සලකා බලන්න.

ඇඳුම් පැළඳුම් සහ උපාංග

  • ඔබට වේගයෙන් ගමන් කිරීමට ඉඩ සලසන ලේස් සහිත ඇඳුම් සහ පාවහන් පළඳින්න.
  • මාල, ස්කාෆ්, ලේගිනස්, පෝනිටේල් වැනි පහසුවෙන් අල්ලා ගත හැකි දේවල් වලින් මෙන්ම නයිලෝන් වැනි ඉක්මනින් ගිනි ගන්නා දේවල් පැළඳීමෙන් හෝ ළඟ තබා ගැනීමෙන් වළකින්න.
  • ප්‍රචණ්ඩත්වය පෙනෙන විට හෝ අපේක්ෂා කරන විට, ආරක්ෂිත ඇස් කණ්ණාඩි/කණ්නාඩි, කඳුළු ගෑස් වලින් ආරකෂා වීමේ ශ්වසන යන්ත්‍ර සහ හිස්වැසුම් භාවිතය ගැන සලකා බැලිය යුතුය. සජීවී පතොරම් අවදානමක් ඇතනම් ආරක්ෂිත ශරීර කබා ද සලකා බැලිය යුතුය. වැඩි විස්තර සඳහා, CPJ හි පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) මාර්ගෝපදේශය බලන්න
  • ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය සම්පූර්ණලෙස ආරෝපණය කර ඇති බව සහතික කරගෙන, ඔබ සමඟ ගෙනයා හැකි ජංගම චාජරයක්ද රැගෙන යන්න.
  • පානීය ජලය, ශක්තිජනක කෙටි අහාර සහ ප්‍රථමාධාර කට්ටලයක් වැනි ඔබ සමඟ රැගෙන යා යුතු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගැන  සලකා බලන්න.
  • සෑම විටම ඔබ සන්තකයේ ඇති වටිනා කියන දේවල් අවම කර ගැනීමටත් වග බලා ගන්න.

ප්‍රවාහන

  • සියලුම ගමන් කල්තියා සැලසුම් කර පහසුවෙන් ගමන් කල හැකි විකල්ප් මාර්ග පිබන්දව දැනුවත් වන්න.
  • මාර්ග වසා දැමීම් සහ අවහිර කිරීම් හේතුවෙන් කෙටි දැනුම්දීමකින් ගමනාගමනයට බලපෑම් ඇති විය හැකි බව සලකන්න.
  • සෑම විටම ඔබේ වාහනය පලා දිව යන දිශාවට මුහුණ ලා සිටින සේ ආරක්‍ෂිත ස්ථානයක ගාල් කර තබන්න. නැතහොත් ඔබට විකල්පයක් ලෙස සහතික කළ හැකි  ආරක්ෂිත ප්‍රවාහන ක්‍රමයක් ඇති බවට සහතික වන්න.
  • වාහනවල කිසිම උපකරණයක් නොතබන්න සැලකිලිමත් වන්න, මන්ද අඳුරෙදී සාපරාධී ක්‍රියාවන්හි අවදානම වැඩි නිසාවෙනි.

ස්ථානගත කිරීම

  • සෑම විටම ඔබේ ස්ථාවරය සලකා බලන්න. වැඩි ආරක්ෂාවක් සැපයිය හැකි ඉහළ හෝ උස් ප්රදේශයක් සොයා ගැනීමට උත්සාහ කරන්න (උදා: බැල්කනියක් හෝ වහලක්).
  • වහලක් සහිත ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිලි ව්යුහයක් වැනි  දුෂ්කර ස්ථාන වලට සමීපව සිටින්න – නමුත් වීදුරු සහිත ගොඩනැගිලිවලින් ආරක්ෂිත දුරක් පවත්වා ගන්න.
  • තත්වයන් දරුණු වන විට, ඉවත්වීම සඳහා බහුවිධ මාර්ග සැලසුම් කර ගන්න. එම ස්ථානයන්හි සිතියම් හෝ සැලසුම කලින් පරීක්ෂා කරන්න , එම ස්ථානයට පැමිණීමෙන් පසු එම සැලැස්ම හරහා කටයුතු කරන්න , එය පවතින තත්වයන් මත පදනම්ව වෙනස් කිරීමට සිදු විය හැකිය (උදා: මාර්ගය වසා දැමීම).
  • මිනිසුන් සමූහයක් අතර හෝ ඔවුන් සමග සමීපව වැඩ කරන විට ඉවත් වීමේ උපාය මාර්ගයන් සැලසුම් කරන්න, එමෙන්ම විවිද ගැලවී යෑමේ මාර්ග කලින් හඳුනා ගන්න. සමූහ කණ්ඩායම් තුල  හා පිරිසකට මැදිවී සිටීමෙන් වැලකීමට උත්සාහ කරන්න. මන්ද එය අනතුරකදී ගැලවී යාමට ඉතා දුෂ්කර බැවිනි.

දැනුවත් වීම සඳහා

  • විශේෂයෙන්ම අන්තවාදීන්, ආරක්ෂක හමුදා, සහ ඉතා ආරෂිත රාජ්‍ය අඩවි සහ යටිතල පහසුකම් ආදිය රූගත කිරීමේදී සෑම විටම තම අභිමතය පරිදි භාවිතා කරන්න.
  • කඩා වැටීම්, කඩාවැටුණු වීදුරු,  මංකොල්ලකෑම්  සහ  ගිනි තැබීම් වලින් සිදුවන අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින්න.
  • කිසියම් ජන සමූහයකට ඇතුළු වීමට පෙර මාධ්‍ය දෙසට ඇති විරෝධතාකරුවන්ගේ අවදානය අඩු මට්ටමක පවත්වා ගන්න සැලකිලිමත් වන්න.
  • විශේෂයෙන් කඳුළු ගෑස් තර්ජන සහ මිනිස් තෙරපීම් ගැන දැනුවත් වන්න.
  • බලධාරීන්ගේ තත්වය සහ හැසිරීම අඛණ්ඩව නිරීක්ෂණය කරන්න. පොලිසිය කැරලි මර්දන ආම්පන්න වන පලිහන් සහ අනෙකුත් හානි කර දෑ විසි කිරීම වැනි ආක්‍රමණ ඉඟියන් ගැන අපේක්ෂාවෙන් සිටින්න. එවැනි අවස්ථාවක “රතු කොඩි” පැහැදිලිව පෙනෙන විට ආරක්ෂිත ස්ථානයකට වහාම පිටත්වන්න.

කඳුළු ගෑස් භාවිතා කළ හැකි ස්ථාන:

  • කඳුළු ගෑස් ආවරණයන් , ඇස් ආරක්ෂා කිරීම් සහ හිස්වැස්ම් ඇතුළු පුද්ගලික ආරක්ෂක උපකරණ පළඳින්න.
  • අක්ෂි කාච පැළඳීම සුදුසු නොවේ.
  • විශේෂයෙන් සම සඳහා ඇති තෙල් සහිත නිෂ්පාදන ආලේපනයන් ගැල්වීමෙන් වළකින්න. (උදා: මේකප් හෝ මොයිස්චරයිසර්)
  • ඇදුම හෝ ශ්වසන ආබාධ ඇති පුද්ගලයින් කඳුළු ගෑස් භාවිතා කරන ප්‍රදේශ වලට යාමෙන් වැළකී සිටිය යුතුය.
  • ඔබට නොදන්නා ප්‍රදේශයකින් පිටතට යාමට ඔබට උපකාර වීමට  භාවිත කළ හැකි බිම් සලකුණු (උදා. සංඥා කණු, සීමා කිරීම්, රේල් පීලි) පිළිබඳව සැලකිලිමත් වන්න.
  • ඔබ කඳුළු ගෑස් වලට නිරාවරණය වී ඇත්නම්, උස් බිමක් වෙත යාමට උත්සාහ කරන්න. එමෙන්ම පිරිසිඳු වායුව රැගෙන එන සුළඟට විවර වී නැවුම් වාතය ආව්ශ්වාස ප්‍රශ්වාස කරන්න. ඔබේ ඇස් හෝ මුහුණ ඇතිල්ලීමෙන් වලකින්න. නිරාවරණය වූ ප්‍රදේශ සීතල වතුරෙන් සෝදා හරින්න. ඉන් ඔබේ සමේ ඇති විෂ වායුව ඉවත් වේ. සෝදා හැරීම පමණක් සැලකිලිමත් විය යුතුයි, ස්නානය නොකළ යුතුයි. ඇඳුම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට  හෝ ඉවත දැමීමට හෝ කිහිප වතාවක් සේදීමට සිදුවිය හැකිය.

ප්‍රචණ්ඩත්වය සමඟ කටයුතු කිරීම:

  • ඔබගේ ශරීරයේ සිදුවන වෙනස්කම් සහ ප්‍රතික්‍රියා ගැන සැලකිලිමත් වන්න. එම හඳුනා ගැනීම් තුලින් පවතින දරුණු තත්වයන් සමනය කර ගැනීමට ඔබගේ ශරීරය ගැන අවදානයෙන් සිටින්න.
  • ආක්‍රමණිකයන් සමඟ ඍජු ඇස් සම්බන්ධතා තබා ගන්න, විවෘත අත් අභිනයන් භාවිතා කරන්න සහ සන්සුන් ආකාරයෙන් කතා කරන්න.
  • ඔබගේ දෑත් වලින් කරන්නාවූ තර්ජන ස්වභාවයේ ඉඟි වලින් ඈත් වන්න. මදක් පසුපසට යන්න, යමෙකු ඔබව අල්ලා ගත්තෙ නම්, ආක්‍රමණශීලී නොවී එම අල්ලා ගැනීමෙන් සීරුවෙන් ඉවත්ව යන්න. අනතුරක්වූ වූවානම්  කෑගසන්න.
  • තත්ත්වය උත්සන්න වුවහොත්, ඔබේ හිස ආරක්ෂා කර ගැනීමට දෑත් නිදහස්ව තබාගන්න. වැටීමෙන් හිසට වන තුවාල වලින් වැළකී සිටීමට කෙටි පියවර ඉක්මනින ගන්න. කණ්ඩායමක සිටී නම්, එකට එකතු වී ආරක්ෂාව සඳහා පමණක් ආයුධ සම්බන්ධ කරගන්න.
  • පවතින තත්ත්වය සහ ඔබේ ආරක්ෂාව පිළිබඳව ඉතා සැලකිලිමත් වන්න.
  • ආක්‍රමණශීලීත්වය, ආක්‍රමණශීලී පුද්ගලයන්ගේ ඡායාරූප ගැනීම, සටහන් තබා ගැනීම අගනා ප්‍රවෘත්ති විය හැක, නමුත්එ වැනි දේවල් කිරීමෙන් පවතින තත්වය උත්සන්න විය හැකිය.

ඩිජිටල් ආරක්ෂාව

  • සිවිල් හානි සහ ආක්‍රමණ, ආවරණය කරන අතරතුර ඔබේ උපාංග කැඩී යාම, සොරකම් කිරීම හෝ රාජසන්තක වීමේ අවදානමක් තිබිය හැකිය. අවදානම අඩු කිරීම සඳහා, පහත ආරක්ෂක උපදෙස් සලකා බලන්න:
  • මෙවැනි රාජකාරීන් සඳහා පිටතට යාමට පෙර ඔබගේ ජංගම සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපාංග වල ඇති සියලුම දත්ත ආරක්ෂක කාරී ලෙස වෙනත් විද්‍යුත් උපාංග වලට පිටපත් කර තබා ගන්න.
  • ▪          දුරස්ථව සිට දත්ත අහෝසි කිරීමට සඳහා ඔබගේ විද්‍යුත් උපාංග ඒ සඳහා කලින් සකසා ගන්න. මෙය ඔබගේ උපාංගය සොරකම් කර ඇත්නම් හෝ ඔබෙන් ලබාගෙන ඇත්නම් එහි අන්තර්ගතය මකා දැමීමට ඔබට ඉඩ සලසයි. ජංගම විද්‍යුත්  උපාංගයන් දුරස්ථව හිස් කල හැක්කේ එයට අන්තර්ජාලයට හෝ ජංගම දත්තවලට ප්‍රවේශය තිබේ නම්  පමණි.
  • ඔබගේ විද්‍යුත් උපාංග ඇති දත්ත මොනවාද සහ එය ගබඩා කර ඇති ස්ථානය දැන ගන්න. අන් අයට ප්‍රවේශ වීමට අවශ්‍ය නොවන දත්ත ඉවත් කිරීමට පියවර ගන්න. මෙයට රැකියාවට අදාළ ලේඛන හෝ ඔබේ පවුලේ ඡායාරූප ඇතුළත් විය හැකිය. ඔබට අමතර දුරකථනයක් තිබේ නම්, එය රැගෙන යන්න. ඔබේ පුද්ගලික දුරකථනය රැගෙන නොයන්න. රැගෙන යන  දුරකථනයේ ඔබ හෝ ඔබේ මූලාශ්‍ර පිළිබඳ සීමිත පුද්ගලික තොරතුරු ඇති බව සහතික කර ගන්න.
  • පණිවිඩ යැවීමේ යෙදුම්වල ගබඩා කර ඇති අන්තර්ගතය සමාලෝචනය කරන්න. පණිවිඩ, ලේඛන සහ ඡායාරූප ඇතුළුව අන් අය කියවීමට අවශ්‍ය නොවන ඕනෑම දෙයක් මකා දැමීමට පියවර ගන්න. ඔබ Signal and WhatsApp වැනි end to end සංකේතනය ඇති යෙදුම් භාවිතා කිරීම සලකා බැලිය යුතුය. මෙම යෙදුම් භාවිතා කිරීම සඳහා දැනට පවතින හොඳම ක්‍රමය වන්නේ ද්වි-සාධක එනම් two-factor authentication සත්‍යාපනය සැකසීම සහ පණිවිඩ අතුරුදහන් වීමට වලකාලීමයි. . ඔබට settings section තුලට පිවිසීමෙන් මෙය කළ හැක.
  • ඔබගේ සම්බන්ධතා ලැයිස්තුව සමාලෝචනය කර සංවේදී සම්බන්ධතා මකන්න. දුරකථනය සහ SIM කාඩ්පතෙහි සම්බන්ධතා මෙන්ම දුරකථනය සැකසීමට භාවිතා කරන විද්‍යුත් තැපෑල වෙත සම්බන්ධ කර ඇති Cloud ගිණුමේ සම්බන්ධතා ලැයිස්තුව ගබඩා කරන්න.
  • වාර්තා කිරනදී  ඔබට අවශ්‍ය නොවන යෙදුම් සහ සේවා  ඉවත් කර මකා දමන්න. . යමෙකු ඔබගේ උපාංග වලට ප්‍රවේශ ලබා ගන්නේ නම්, මෙය ඔබගේ පුද්ගලික ගිණුම් වලට ප්‍රවේශ වීමෙන් ඔබේ දත්ත ආරක්ෂා කරයි.
  • ඔබගේ දුරකථනය  අගුළු දැමීමට සහ අගුලු හැරීමට හොඳම ක්‍රමය සොයා බලන්න. ජෛවමිතික ක්‍රම ඔබගේ දුරකථනය අගුළු හැරීම පහසු කරයි. කෙසේ වෙතත්, එය අන් අයට ද අගුළු ඇරීමට පහසු කරයි, උදාහරණයක් ලෙස, ඔබගේ මහපට ඇඟිල්ල බලහත්කාරයෙන් දුරකථනයේ තැබීම. ඔබගේ උපාංගයට අන් අය ප්‍රවේශ වීම ගැන ඔබ සැලකිලිමත්ව න්නේ නම්, දිගු PIN කේතයක් තැබීම ඔබට හොඳම විකල්පය විය හැකිය.
  • සිවිල් නොසන්සුන්තාව පිළිබඳ ස්ථානීය වාර්තාකරණයකදී  ක්ලවුඩ්වෙත් හෝ  පණිවිඩ යෙදුම් හෝ ඊමේල් හරහා හෝ HD කාඩ්පතක් වැනි බාහිර උපාංගයකට නිතිපතා පිටපත් කිරීම හොඳ අදහසකි. මෙය ඔබගේ උපාංග විනාශ කළහොත් හෝ රැගෙන ගියහොත් දත්ත නැතිවීම වළක්වයි.
  • ඔබ සජීවී වාර්තාකරණයක යෙදී සිටින්නේ නම්, ඔබගේ ස්ථානය අන්තර්ජාලයේ සජීවීව විකාශනය වන බව දැනුවත් වන්න. එමඟින් ඔබව භෞතික ආරක්ෂණ සිදුවීමකට ගොදුරු විය හැක.
  • සන්නිවේදන අවහිර වීමක් සිදුවුවහොත් සහ ඔබට දුරකථන සේවාව සහ අන්තර්ජාල සම්බන්ධතාව අහිමි වුවහොත් අන් අය සම්බන්ධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් සදා ගන්න. වැඩි විස්තර සඳහා, අන්තර්ජාල වසා දැමීම් පිළිබඳ CPJ හි ආරක්ෂක සටහන බලන්න.
  • ඔබේ උපාංග සහ සන්නිවේදනය සුරක්ෂිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, CPJ හි ඩිජිටල් ආරක්ෂණ පද්දතිය බලන්න.

අමතර තොරතුරු සහ දත්ත සකස් කිරීම සහ පශ්චාත් සිදුවීම් සහාය සඳහා CPJ හි සම්පත් මධ්‍යස්ථානය වෙත පිවිසෙන්න.