Mohammad Naweed, a journalist from western Afghanistan, hides his identity for security reasons as he gives an interview to The Associated Press in Kabul, Afghanistan, Feb. 3, 2021. In just the last six months, 15 journalists have been killed in a series of targeted killings spreading fear among Afghanistan’s journalist community. Along with journalists, Judges, lawyers and activists have also been targeted in a wave of assassinations since Washington signed a peace deal with the Taliban a year ago. (AP Photo/Rahmat Gul) (AP Photo/Rahmat Gul)

ඩිජිටල් සහ පෞද්ගලික ආරක්ෂාව: රහස්‍ය මූලාශ්‍රයන් (Confidential Sources) සුරැකීම

රහස්‍ය මූලාශ්‍රයන් සුරැකීම ජනමාධ්‍ය ආචාරධර්මවළට අනුකුල වෙමින් කරන වාර්තාකරණයේ ප්‍රධානතම අංගයකි. විශේෂයෙන් රහස්‍ය මූලාශ්‍රයක් ලෙස කටයුතු කරන යමෙකු අත්අඩංගුවට පත්වීමේ හෝ හානියට ලක්වීමේ අවදානමක් පවතී නම්, එවන් අයගේ අනන්‍යතාව සුරැකීමට මාධ්‍යවේදියෙකු එකඟ වූ විට එසේ කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතුය.

බලධාරීන් සහ මහජනයා වැඩි වශයෙන් ඩිජිටල් ආවේක්ෂණයේ හා අධීක්ෂණයේ යෙදීම හේතුවෙන් රහස්‍යභාවය ආරක්ෂා කිරීම වඩාත් අභියෝගාත්මක වී ඇත. එනිසා තමන්ගේ රහස්‍ය මූලාශ සුරැකීම සඳහා මාධ්‍යවේදීන් පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

කෙසේවුවද, තමන්ගේ රහස්‍ය මූලාශ්‍ර වළ අනන්‍යතාව තමන්ගේ කතෘවරුන්හට හෙළිකළ යුතු බවට කොන්දේසි ඇතැම් මාධ්‍ය ආයතනවළ බලපැවැත්වෙන බව මතක තබා ගන්න. මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් සහ උපකරණ ආයතනය සතු දේපල ලෙස සලකා ඒවා බලධාරීන්හට හෝ අධිකරණ වළට ලබා දීමේ නීතිමය හැකියාවක් ඇතැම් රටවල මාධ්‍ය ආයතන වළට ඇත. එබැවින් යමෙකුට පොරොන්දු ලබාදීමට කලින් ඒ සම්බන්ධ නීති පිලිබඳ අධ්‍යයනය කරන්න.

මෙය ගෝලීය ප්‍රේක්ෂක පිරිසක් සඳහා ලියන ලද සාමාන්‍ය හැඳින්වීමක් බව කරුණාකර මතක තබා ගන්න. ඒ ඒ රටවල් සඳහා විශේෂ වූ සන්දර්භ හා ප්‍රශ්න පිළිබඳ අතිරේක උපදෙස් පතන්න.

අන්තර්ගතය

සැලසුම් 

රහස්‍ය මූලාශ්‍රයන් සමග මුලින්ම කටයුතු කිරීමට ප්‍රථම පූර්ව සූදානම අතිශයින් වැදගත් වේ. එමෙන්ම දිගින් දිගටම ඔවුන් හා සහයෝගයෙන් කටයුතු කිරීම, ආරක්ෂිතව සන්නිවේදනයේ යෙදීම හා විශ්වාසය ගොඩනැගීම බෙහෙවින් වැදගත් වේ.

  • මූලාශ්‍රයක් තම නම සඳහන් කිරීමට කැමති යැයි කිසිවිටක අනුමාන නොකරන්න. සැමවිටම ඒ සඳහා අවසර පතන්න. 
  • රහස්‍ය මූලාශ්‍ර සමග කටයුතු කිරීමේදී ඇති නීතිමය බැඳීම් පිළිබඳ ගවේෂණය කරන්න. මේවා රටින් රටට සහ සේවාදායකයාගෙන් සේවාදායකයාට වෙනස් වේ.
  • ඔබේ මූලාශ්‍රය මීට ප්‍රථම වෙනත් මාධ්‍යවේදීන් සමග කතා කර ඇත්ද, නැතිනම් වෙනත් ආයතන ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගන්නේදැයි සොයා බලන්න.
  • ඔබේ මූලාශ්‍රය ආවේක්ෂණයට ලක්ව තිබීමේ අවධානමක් ඇත්ද, නැතිනම් ඔවුන් දැනටමත් සැඟවී සිටින්නේද? බලධාරීන් හෝ විරුද්ධ පාර්ශව ඔවුන් පිළිබඳ දැනටමත් විමසිලිවත්ව ඇත්නම්, ඔවුන් සමග කටයුතු කිරීම ඔබව අවදානමට දැමිය හැක.
  • ඔබට කතා කරන පුද්ගලයා කවුදැයි තහවුරු කරගැනීම උදෙසා යම් ක්‍රමයක් ගොඩනගන්න. එය යම් විශේෂ වාක්‍ය ඛණ්ඩයක් හෝ ප්‍රශ්නයක් සහ පිළිතුරක් විය හැක. මෙය ඔබ මූලාශ්‍රය සමග කතා කරන සෑම විටම භාවිත කරන්න.
  • පවත්නා අවදානම මත අවශ්‍ය නම් ආරක්ෂාව පතා ඔවුන්ට තාවකාලිකව පදිංචියට යාමට ස්ථානයක් සොයා දීමට ඔබට සිදුවිය හැක.

ඇතිවියහැකිඅවදානමසමගලැබියහැකියහපත්ප්‍රථිපලසංසන්දනයකිරීම

වාර්තාවේ ඇති සංවේදීතාව, ඔබේ මූලාශ්‍රය ලබාදෙන තොරතුරු සහ ඔවුන්ගේ අනන්‍යතාව පිළිබඳ සැමවිටම සැලකිලිමත් වන්න.

  • එකිනෙකා සමග කටයුතු කිරීමේදී ඔබට හෝ ඔබේ මූලාශ්‍රයට සැලකිය යුතු අවදානමක් තිබේද? රහස්‍ය හෝ සොරාගත් තොරතුරු භාවිතා කිරීම තුළින් ඔබට සහ ඔබේ මාධ්‍ය ආයතයට බරපතල ප්‍රතිවිපාක වළට මුහුණ දීමට සිදුවිය හැක.
  • ඔවුන් ඔබට ලබාදෙන තොරතුරු කෙතරම් ප්‍රයෝජනවත් සහ විශ්වාසදායකද? ඔවුන්ගේ අරමුණ කුමක්ද සහ ඔවුන් ඔබට සහ ඔබේ ආයතනයට අවදානමක් වන්නේදැයි සැලකිලිමත් වන්න.
  • වාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂබව, පැතිකඩ, ලිංගික දිශානතිය, ආගම සහ අපරාධ වාර්තා තිබේදැයි වැනි කරුණු ඇතුළුව ඔවුන්ගේ අනන්‍යතාව පිළිබඳව සැලකිලිමත් වන්න. යම් හෙයකින් ඔවුන්ගේ අනන්‍යතාව හෙලිවුවහොත් එම කරුණු ඔබේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට යොදාගත හැකිද? නැතිනම් ඔවුන්ට යම් හානියක් සිදු කිරීමේ හෝ අත්අඩංගුවට ගැනීමේ අවදානම වැඩිවිය හැකිද?

ඩිජිටල් ආරක්ෂාව සම්බන්ධ යහපත් භාවිතාවන්

දත්ත වළට පිවිසීමේ විවිධ ක්‍රමවේදයන් පවතී. සිතාසි කැඳවීම, භෞතිකව උපකරණ වළට පිවිසීම, හැකර් ප්‍රහාර සිදුකිරීම සහ ස්පයිවෙයා යොදාගැනීම එයින් කිහිපයකි. මූලාශ්‍රයක අනන්‍යතාව ආරක්ෂා කිරීම පිළිබඳ ඔබට ගැටළු ඇත්නම් ඩිජිටල් ආරක්ෂක ප්‍රවීණයෙකුගෙන් ඒ ගැන උපදෙස් ගන්න. 

  • ඩිජිටල් ආරක්ෂණය සම්බන්ධව යහපත් ක්‍රමවේදයන් අනුගමනය කරන්න. එමෙන්ම ඔබේ මූලාශ්‍රය හැකිතාක් ආරක්ෂා කර ගැනීම සඳහා යොදාගත හැකි මෙවලම් සහ සේවාවන් හුරුපුරුදු කරන්න.
  • ඩිජිටල් අවදානම් සම්බන්ධව තක්සේරුවක් කරන්න. මෙමගින් ඔබට එවන් අවදානම් පිළිබඳ තක්සේරුවක් ලබා අනතුරුව, හැකි සෑම අවස්ථාවකදීම ඔබට සහ ඔබේ මූලාශ්‍රයන්ට ඇති අවදානම අවම කිරීමට හැකිවනු ඇත. රෝරි පෙක් භාරය (Rory Peck Trust) සතුව මාධ්‍යවේදීන් සඳහා පුළුල් ඩිජිටල් අවදානම් ඇගයුම් සැකිල්ලක් පවතී.
  • ඔබ හෝ ඔබේ මූලාශ්‍රය ඉලක්ක කරන්නට යොමුවිය හැක්කේ කවුදැයි සිතා බලන්න. එමෙන්ම මෙම ප්‍රතිවාදියා සතුව කෙතරම් බලයක්, මුදල් සහ තාක්ෂණික පහසුකම් තිබිය හැකිදැයි සිතා බලන්න.
  • හැකි සෑම විටම සංවේදී මූලාශ්‍ර සම්බන්ධ කර ගැනීමට ඔබේ පෞද්ගලික හෝ රාජකාරී උපකරණ යොදා ගැනීමෙන් වළකින්න. 
  • ඔවුන් සමග සන්නිවේදනයේ යෙදීම සඳහා වෙනමම වෙන්වූ උපකරණ මිලදී ගන්න. ඔබේ රාජකාරි සහ පෞද්ගලික දත්ත වෙන්ව තබා ගන්න. හැකිනම් එවන් උපකරණ හා සිම් කාඩ් පත් ක්‍රෙඩිට් හෝ හැඳුනුම්පතක් වැනි ඔබව හඳුනාගැනීමට පහසු විය හැකි යමක් යොදා නොගනිමින් මුදල් මගින් ගෙවීම් කරන්නට උත්සාහ ගන්න. (ඔබ ජීවත් වන හා රැකියාව කරනා ස්ථානය අනුව මෙය සැමවිටම කළ නොහැකි වනු ඇත.)
  • ඔබේ සියලු ගිණුම් සඳහා ද්විත්ව සාධක සහතික කිරීමේ ක්‍රමය (two-factor authentication) සක්‍රිය කරන්න. එමෙන්ම දීර්ඝවූත් අනන්‍ය වූත් මුරපද මෙන්ම මුරපද කළමනාකාරකයක් යොදා ගන්න. වැඩි විස්තර සඳහා ගිණුම් ආරක්ෂා කිරීම සම්බන්ධව සීපීජේ සංවිධානය විසින් ප්‍රකාශිත මාර්ගෝපදේශ ලියවිල්ල බලන්න.
  • ඔබේ උපකරණ, ඇප්ස් සහ බ්‍රව්සර නිතර නිතර ඒවාහි අලුත්ම පිටපත් මගින් යාවත්කාලීන කරන්න. එමගින් ඔබට මැල්වෙයා සහ ස්පයිවෙයා වෙතින් ආරක්ෂා වඩාත් ආරක්ෂා විය හැක.
  • වඩාත් ආරක්ෂාකාරී අයුරින් ඔබව සම්බන්ධ කර ගැනීමට උපකාර වන පරිදි පවත්නා අවදානම් සහ යහපත් ඩිජිටල් භාවිතාවන් පිළිබඳ ඔබේ මූලාශ්‍රය දැනුවත් කරන්න.
  • ඔබේ මූලාශ්‍රය හා සබඳතා හැකිතාක් දුරට අඩු කරන්න. 

ඔබේමූලාශ්‍රයපිළිබඳගවේෂණයකිරීම

  • ඔබේ අන්තර්ජාල සේවා සපයන්නා සතුව ඔබේ අන්තර්ජාල විමසුම් ඉතිහාසයෙහි (browsing history) පිටපතක් තිබෙන බව මතක තබා ගන්න. මෙය රජයන් මගින් සිතාසි යැවීමක් තුළින් ලබා ගැනීමට හෝ සේවා සපයන සමාගමේ සේවය කරන්නන් හට ලබා ගැනීමට හැකියාව පවතී.
  • ඔබේ රටේ අන්තර්ජාල සේවා සපයන්නන්ගේ හිමිකරුවන් කවුරුන්දැයි මෙන්ම ඒවාහි දත්ත වෙත රජය නීත්‍යානුකූලව හෝ වෙනත් මාර්ගයන් මගින් පිවිසෙන්නේදැයි විමර්ශනය කරන්න.
  • ඔබේ අන්තර්ජාල විමසුම් ඉතිහාසය වෙත අන්තර්ජාල සේවා සපයන්නන් සහ වෙබ් සෙවුම් යන්ත්‍ර (search engine) පිවිසීමේ හැකියාව අවම කිරීම සඳහා වීපීඑන් එකක් භාවිත කරන්න. ඔබේ අන්තර්ජාල විමසුම් කිරීමේ ඉතිහාසය වෙත පිවිසෙන්නේ නැති, රජයන් සහ වෙනත් අය සමග දත්ත බෙදා ගැනීමේ ඉතිහාසයක් නැති වීපීඑන් සේවාවක් යොදා ගන්න. ඇතැම්විට රජයන් විසින්ම වීපීඑන් ආයතන නිර්මාණය කිරීම හෝ එවන් ආයතන කළමනාකරණය කළ හැක. එමෙන්ම රජයන් වෙත යටත් ඇතැම් සේවා මගින් අන්තර්ජාල පරිශීලකයන්ගේ දත්ත ලබා ගැනීමටද කටයුතු කළ හැක.
  • ඔබව රඳවා තබා ගෙන ඔබේ උපකරණ පරික්ෂා කළහොත්, ඔබේ අන්තර්ජාල විමසුම් ඉතිහාසය මගින් ඔබේ අන්තර්ජාල ගවේෂණයන් පිළිබඳ තොරතුරු සොයා ගත හැකි බව මතක තබා ගන්න. ඔබේ අන්තර්ජාල විමසුම් ඉතිහාසය හැකි සෑම විටම මකා දමන්න. නමුත් රජයන්ට වීපීඑන් සේවා මගින් හෝ වෙබ් සෙවුම් යන්ත්‍ර ක්‍රියාකාරී ආයතන වෙතින් එම දත්ත ඉල්ලා සිටීමේ හැකියාව පවතින බව මතක තබා ගන්න.

මූලාශ්‍රසමගසන්නිවේදනය

  • මූලාශ්‍රයේ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමේදී ඔවුන්ගේ සත්‍ය නම වෙනුවට අනවර්ථ නමක් භාවිතා කරන්න. එමෙන්ම ඔවුන්ටද ඔබ සම්බන්ධයෙන් එම පිළිවෙතම අනුගමනය කරන්නට දිරිගන්වන්න. ඔබ අතර සම්බන්ධය අවසන් වූ පසු ඔබ දෙදෙනාම ඔබලාගේ උපකරණ වළින් සහ ගිණුම් වළින් අනෙකාගේ තොරතුරු මකා දමන්නට කටයුතු කරන්න.
  • ජංගම දුරකථන ආයතන සහ අන්තර්ජාල සේවා සපයන්නන් ඔවුන්ගේ පරිශීලකයන්ගේ දත්ත එක්රැස් කරන බව මතක තබා ගන්න. එම දත්ත මගින් ඔබ සහ ඔබ සමග සන්නිවේදනයේ යෙදෙන්නන් කවුරුද යන්න හඳුනා ගැනීමට හැකියාව ඇත.
  • විදුලි සන්නිවේදන සමාගම් මගින් ගනු ලබන ස්ථාවර දුරකථන සහ ජංගම දුරකථන ඇමතුම් මෙන්ම එස් එම් එස් පණිවුඩ පවා ගුප්ත කේතන මගින් ආරක්ෂා කළ නොමැති නිසා රජයන් මෙන්ම වෙනත් අයට වුවද ඒවාට පිවිසිය හැක.
  • ඔබ සහ ඔබේ මූලාශ්‍රය සිටිනා තැන සොයා ගැනීම සඳහා ඔබේ ජංගම දුරකථනය යොදාගත හැක. එකිනෙකා පෞද්ගලිකව හමුවන්නේනේ නම් ඔබේ ජංගම දුරකථන රැගෙන යාමෙන් වළකින්න. පෞද්ගලිකව හමුවීම අන්තර්ජාලයෙන් එකිනෙකා සමග සම්බන්ධ වනවාට වඩා ආරක්‍ෂිත විය හැක. (පහතින් ඇති “මූලාශ්‍ර හමුවීම” යන මාතෘකාව කියවන්න.)
  • ඔබ භාවිතයට ගන්නා පණිවුඩ හුවමාරු ඇප්ස් සහ ඊමේල් සේවා වැනි අන්තර්ජාල සේවාවකින් දත්ත ලබා ගැනීමට කිසියම් රජයක් සිතාසි කැඳවා ඇත්දැයි සොයා බලන්න. බොහෝ තාක්ෂණ සමාගම් වාර්ෂිකව විනිවිදභාව වාර්තා නිකුත් කරන අතර ඒවාහි තොරතුරු ඉල්ලීම් පිළිබඳ සහ ඒවාට අවනත වුවාදැයි විස්තර කර ඇත. 
  • සිග්නල්, වට්ස්ඇප් හෝ වයර් වැනි දෙඅන්තයෙන්ම ගුප්ත කේතනය කරන ලද (end-to-end encrypted) පණිවුඩ හුවමාරු ඇප්ස් හැකි සෑම විටම භාවිතා කරන්න. සිග්නල් හෝ වට්ස්ඇප් භාවිත කරන්නේ නම් පණිවුඩ අතුරුදහන් කිරීමේ පහසුකම ක්‍රියාත්මක කරන්න. ආරක්ෂාව සම්බන්ධව මෙම සේවාවන් අතර පැහැදිලි වෙනස්කම් පවතී. වැඩි විස්තර සඳහා ගුප්ත කේතනය සම්බන්ධව සීපීජේ මාර්ගෝපදේශය කියවන්න.
  • දෙඅන්තයෙන්ම ගුප්ත කේතනය කළ නොමැති සේවාවක් මගින් යම් මූලාශ්‍රයක් ඔබව සම්බන්ධ කර ගෙන ඇති නම්, හැකි ඉක්මනනින් ගුප්ත කේතනය කරන ලද සේවාවකට ඔබේ දෙබස ගෙන යන්න. හැකි නම් මුලින් එවන ලද පණිවුඩය මකා දමා ඔබේ මූලශ්‍රයටද එසේ කරන්නට උපදෙස් දෙන්න. මෙමගින් ගිණුමෙන් පණිවුඩය මකා දැමිය හැකි වුවත්, ආයතනයේ සර්වරයේ එහි පිටපතක් තිබිය හැක.
  • ඊමේල් මාර්ගයෙන් ඔබේ මූලාශ්‍රය හා සම්බන්ධ වීමට අවශ්‍ය නම්, ඒ සඳහාම පමණක් වෙන්වූ ඊමේල් ගිණුමක් ආරම්භ කරන්න. මෙම ගිණුමට ඔබේ සත්‍ය නම වැනි පෞද්ගලික තොරතුරු ඇතුළත් නොවිය යුතු අතර ඔබේ දුරකථන අංකය හෝ ඔබේ නමින් ඇති වෙනත් ගිණුම් හා සම්බන්ධ නොවිය යුතුය. රෝරි පෙක්ගේ ඩිජිටල් ආරක්ෂාව සම්බන්ධ මාර්ගෝපදේශය කියවා මෙලෙස ඊමේල් ගිණුමක් අරඹන අයුරු දැන ගන්න.

ලියවිලිලබාගැනීමහාකළමනාකරනය

  • ඔබේ උපකරණ වළ ඔබ කරන බොහෝ දේ මකා දැමුවද ඒවාහි සලකුණු පැවැතිය හැකි බව මතක තබා ගන්න. විශේෂිත මෘදුකාංග යොදා ගනිමින් ඔබේ පරිඝණකයේ දත්ත මකා දැමුවද තොරතුරු තාක්ෂණ විශේෂඥයන්ට ඒවා සොයාගත හැක. 
  • ඔබ සතු සංවේදී තොරතුරු සියල්ල විශේෂයෙන් අන්තර්ජාලයට සම්බන්ධ කර ගැනීමට නොහැකි වන පරිදි වෙනස් කරන ලද පරිඝණකයක තබාගන්න. මෙමගින් පිටත පුද්ගලයකු එම තොරතුරු වෙත පිවිසීමේ අවදානම අඩුවේ.
  • ඉතා සංවේදී වාර්තා සඳහා ටේල්ස් (Tails) යන අතෙහි රැගෙන යා හැකි ඕනෑම පරිඝණකයක් සමග සම්බන්ධ විය හැකි ආරක්‍ෂිත මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීම පිළිබඳ සිතා බලන්න. එය ස්ථාපනය කිරීම සඳහා ආරක්ෂාව සම්බන්ධ ප්‍රවීණයකුගෙන් උදවු ලබා ගන්න.
  • ඔබේ ප්‍රවෘත්ති මැදිරිය හෝ ආයතනය TOR බ්‍රවුසරය යොදාගෙන සිදුකරන SecureDrop පද්ධතිය ස්ථාපනය කළ ඇත්නම් සංවේදී ලියවිලි යැවීම සඳහා එය භාවිතා කරන්න. මේ සඳහා ඔබට ඩිජිටල් ආරක්ෂක ප්‍රවීණයකුගේ ආධාර අවශ්‍ය වනු ඇත.
  • SecureDrop පද්ධතිය ඇති මාධ්‍යවේදීන් 100MB වළට වඩා අඩු සියලු ලියවිලි සිග්නල් හෝ වෙනත් දෙඅන්තයෙන්ම ගුප්ත කේතනය කරන ලද සේවාවක් මගින් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. 100MB වඩා වැඩි ලියවිලි OnionShare පද්ධතිය මගින් ලබා ගන්නට කටයුතු කළ යුතුය.
  • ලියවිලි, ලිපිගොනු සහ පණිවුඩ ඇප්ස් වළ අඩංගු මෙටා දත්ත (උදාහරණ ලෙස ලියවිල්ලක් යවන ලද වෙලාව සහ දිනය) හැම විටම ගුප්ත කේතනය කර නොමැති බවත්, එමගින් ඔබේ මූලාශ්‍රය සොයා ගැනීමට යමෙකුට හැකි බවත් මතක තබා ගන්න.
  • පණිවුඩ ඇප්ස් වළ ගබඩා කොට ඇති දේ උපස්ථ කිරීම (backup) කර මකා දැමීමේ ක්‍රමවේදයක් පවත්වා ගෙන යන්න. ඔබේ මූලාශ්‍රය සතුව ඇති උපකරණ සහ ඔවුන් භාවිතා කරන ඇප්ස් වළ ඇති දත්ත වඩාත් හොඳින් කළමනාකරණය කළ හැක්කේ කෙසේදැයි යන්න පිළිබද ඔවුන් සමග සාකච්ඡා කරන්න. මෙම දත්ත වඩාත් හොඳින් කළමනාකරණය කළ හැක්කේ කෙසේද යන්න පිළිබද ඩිජිටල් ආරක්ෂක ප්‍රවීණයකුගෙන් උපදෙස් ගන්න.
  • විශේෂයෙන් ඔබ දේශසීමා සහ මුරකපොලු හරහා යන්නේ නම් එම ඔබ සහ වෙනත් අයට අවධානමක් ඇති කළ හැකි ලියවිලි සහ දත්ත ඔබේ උපකරණ තුළ තිබේදැයි නිතර පරික්ෂා කරන්න.
  • ඔබේ උපකරණ, ලියවිලි සහ බාහිර ඩ්‍රයිව් උපාංග (external drive) හැකි සෑම විටම ගුප්ත කේතනය කරන්න. එමෙන්ම එම කෙතනයට අදාළ මුරපදය දීර්ඝ සහ ආවේනික එකක් කරන්නට උත්සාහ ගන්න. ඔබ ජීවත් වන, රාජකාරි කරන සහ සංචාරය කරන රටවල ගුප්ත කේතනය සම්බන්ධ නීති පිළිබද දැනුවත් වන්න. ඇතැම්විට ගුප්ත කේතනය කරන ලද උපකරණ වළ අගුලු විවෘත කිරීමට ඔබට ඉල්ලීම් ලැබිය හැක. ඔබේ එසේ කරනවාද නැද්ද යන්න ඔබේ පෞද්ගලික තීරණයකි.

මූලාශ්‍රහමුවීම

  • යමෙකු පෞද්ගලිකව හමුවීමට එදිරිව එම තැනැත්තා සමග ආරක්‍ෂිත ඩිජිටල් වේදිකාවක් හරහා කතා කිරීමෙහි ඇති වාසි සහ අවාසි ගැන තක්සේරුවක් කරන්න.
  • හමුව සම්බන්ධව නායකත්වය ගෙන කටයුතු කරන්නේ කවුද යන්න සහ හමුව පැවැත්වෙන දින සැලසුම් වෙනස් කරන්නේ නම් ඒ ගැන වගකීම භාර ගන්නේ කවුද යන්න ගැන තීන්දු කරන්න.
  • ඔබේ මූලාශ්‍රය පදිංචි ලිපිනය හෝ රාජකාරී ස්ථානයේ ලිපිනයට සම්බන්ධ කළ නොහැකි පරිදි මධ්‍යස්ත ස්ථානයකදී එකිනෙකා හමුවන්න. එම ස්ථානයෙන් පහසුවෙන්ම පිටව යා හැකි දොරටු කිහිපයක් තිබෙන බවට සහතික කරගන්න.
  • හමුව අතරතුර යම් ඔත්තු බැලීමක් සිදුවන බවට සංඥා තිබේදැයි විමසිල්ලෙන් පසුවන්න. අවශ්‍ය වුවහොත් අනතුරු ඇඟවීම සඳහා ඔබට විශ්වාසවන්ත යමෙක් අවට තබන්න.
  • හමුවේ සිට ඔබේ රාජකාරි ස්ථානයට සංවේදී තොරතුරු ආරක්ෂිතව ප්‍රවාහනය කරන්නේ කෙසේද යන්න තීරණය කරන්න, විශේෂයෙන් එම තොරතුරු මගින් ඔබේ මූලාශ්‍රයේ අනන්‍යතාව යමෙකුට හෙළි කරගත හැකිනම්.
  • සීසීටීවී මගින් ඔබව ආවේක්ෂණය වීමේ අවදානම ගැන සිතා බලා ඔබේ ප්‍රවාහන විකල්ප ගැන තීන්දුවක් ගන්න.
  • පුද්ගලික ප්‍රවාහන මාදිලි භාවිතා කරන්නේ නම් ඔබව සොයා ගැනීමට නොහැකි වන පරිදි බැංකු කාඩ් පත් භාවිතා නොකර මුදල් මගින් ගෙවීම් කරන්න.
  • ඒටීඑම් යන්ත්‍ර වළ ඇති කැමරා දර්ශන යොදාගනිමින් හමුවේ දිනය සමග ඔබව සම්බන්ධ කිරීමේ අවස්ථා අවම කිරීම සඳහා හමුවට දිනකට ප්‍රථම මුදල් ලබා ගැනීමට කටයුතු කරන්න.
  • කැමරා යොදා ගනිමින් පෞද්ගලික වාහන වළ ලියාපදිංචි අංක තහඩු ඔස්සේ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් පවතී. කැමරා වළට දර්ශනය නොවන පරිදි ආරක්‍ෂිත ස්ථානයක, පලා යාමට හැකිවන දිශාවට හරවා සැම විටම වාහනය නතර කරන්න.
  • ඔබ ගැන යමෙකු ඔත්තු බලන බවට හැඟෙන්නේ නම්, හමුව අවලංගු කර ආපසු හැරී යන්න.

මූලාශ්‍ර නිර්නාමික කිරීම

මූලාශ්‍රයේ ඡායාරූප හෝ දර්ශන ලබා ගන්නේ නම්, පහත සඳහන් දේ ගැන සැලකිලිමත් වන්න:,

  • මූලාශ්‍රයේ කටහඬ සඟවන්නට ඔබ රොබෝ කථන හඬක් යොදා ගන්නවාද නැතිනම් වෙනත් අයෙකුගේ කටහඬ යොදා ගන්නවාද?
  • ඔබ ඔවුන්ගේ මුහුණ සඟවනවාද? නැතිනම් මුහුණ පෙන්වීමෙන් වලකිනවාද?
  • ඔබ ඔවුන්ව හඳුන්වන්නේ කෙසේද? කේතනය කරන ලද අනවර්ථ නම් වළින් පවා යමෙකු හඳුනා ගැනීමේ හැකියාව පවතී.
  • ඔබේ මූලාශ්‍රය කවුරුන්ද සහ ඔවුන් ජීවත් වන්නේ කොහිද යන්න සොයා ගැනීමට පහත සඳහන් ඉඟි මග පාදන බව මතක තබා ගන්න:
  • ටැටූ, ඉන්නන්, තුවාල කැළැල් හෝ උපන්ලප වැනි විශේෂ ශරීර සලකුණු;
  • ඇතැම් ඇඳුම් පැළදුම් හෝ ස්වර්ණාභරණ;
  • මංසලකුණු, ගොඩනැගිලි හෝ කඳු වැනි පසුබිමෙහි ඇති හඳුනාගත හැකි ලක්ෂණ;
  • ඡායාරූප, කුසලාන, ගෘහ භාණ්ඩ, වාහනයක්, හෝ බිත්ති කඩදාසි වැනි පසුබිමෙහි ඇති අනන්‍ය භාණ්ඩ.

අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කිරීම

  • වෙනත් අයට යැවීමට පෙර ලිපිගොනුවල ඇති ඡායාරූප ඇතුළු සියලු මෙටා දත්ත ඉවත් කරගන්න. ලිපිගොනුවක මෙටා දත්ත මගින් එය නිර්මාණය කළේ හෝ යැවුවේ කවුද පිළිබද තොරතුරු අනාවරණය කරගත හැක. එමෙන්ම ස්ථානය, දිනය සහ වෙලාව පිළිබද තොරතුරු මෙන්ම භාවිතා කරන ලද උපකරණය කුමක්ද හා නිපදවූයේ කොහිද යන්න පවා සොයා ගැනීමේ හැකියාව පවතී.
  • මූලාශ්‍රයක පරිඝණකයේ හෝ ජංගම දුරකථනයක තිරයේ තිර රුවක් (screenshot) ඔවුන්ව හඳුනා ගැනීමට යොදා ගත හැකිය.
  • මූලාශ්‍රයක පරිඝණකයේ හෝ ජංගම දුරකථනයක තිරයේ තිර රුවක් (screenshot) ඔවුන්ව හඳුනා ගැනීමට යොදා ගත හැකිය. මෙයට තිරයේ ඇති කැඩුණු පික්සෙල් එකක් වැනි දෝෂ හෝ මූසික අයිකොනයේ වර්ණය හෝ විලාසය පවා ප්‍රමාණවත්ය.
  • පිටු මුද්‍රණය කරන ලද දිනය මෙන්ම වේලාව සහ ඒවා මුද්‍රණය කරන ලද පරිඝණක මුද්‍රණ යන්ත්‍රය පිළිබද තොරතුරු මුද්‍රණය කරන ලද ලියවිලිවල ගබඩා වී තිබිය හැක.
  • ලියවිලිවල කපා හරින ලද හෝ බොඳ කරන ලද අන්තර්ගතයන් විශේෂිත මෘදුකාංග භාවිතා කර හෙළි කරගත හැක.

රහස්‍ය භාවය පවත්වා ගෙන යාම

  • නොවැලක්විය හැකි අවස්තාවකදී හැර ඔබේ මූලාශ්‍රය කවුදැයි කිසිවෙකුට හෙළි නොකරන්න. ඔවුන් කවුදැයි දැනගන්නා පුද්ගලයින් ගණන වැඩි වන තරමට ඇතිවිය හැකි අවධානමද වැඩිවේ.
  • තහවුරු කරගත් තොරතුරු කිසිවක් ලියා තැබීමෙන් හෝ මුද්‍රණය කිරීමෙන් වලකින්න. මූලාශ්‍රයේ මුලකුරු වළින් හෝ යම් ස්ථානයක නමකින් පවා ඔවුන්ගේ අනන්‍යතාව හෙළිවිය හැක.
  • සමාජ මාධ්‍ය ගැන අවධානයෙන් සිටින්න. මූලාශ්‍රය කවුදැයි හෙළිවිය හැකි බවට ඉඟියක් පවතියි නම් පවතින අවදානම මත ඔවුන්ව තාවකාලිකව වෙනත් ස්ථානයකට යොමුකිරීම ගැන සිතා බලන්න.