පෞද්ගලික හා ඩිජිටල් ආරක්ෂාව: අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම්

Law enforcement officers detaining journalists who were on assignment are photographed by a Reuters photographer a moment before his detention, in Minsk, Belarus July 28, 2020. All members of the media were released after being brought to and questioned at a local police station. REUTERS/Vasily Fedosenko - RC2E2I9T8YMB

මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, දූෂණ වංචා, හෝ සිවිල් කෝලාහල වැනි ඇතැම් ප්රවෘත්ති ආවරණය කිරීම තුළින් ඔබව අත්අඩංගුවට ගැනීමේ හා රඳවා තබා ගැනීමේ අවධානම වැඩිවිය හැක. විශේෂයෙන් ඒකාධිපති පාලනයක් හෝ අතිශයින් මිලිටරිකරණයට ලක්ව ඇති හා පොලිස් බලය ප්‍රබලව පවත්නා රටවල මෙම අවධානම වැඩිවේ.

බලධාරින් හමුවට ඔබ පැමිණවූ අවස්ථා වළදී, බොහෝ විට ඔවුන්ගේ ඉල්ලීම් නීතිවිරෝධී වුවද ඔබේ ආරක්ෂාව පතා ඒවා පිළිපැදීම වඩාත් සුදුසුය.

තමන්ගේ ආරක්ෂාව පතා මාධ්‍යවේදීන් පහත සඳහන් ඩිජිටල් හා පෞද්ගලික ආරක්ෂක උපදෙස් පිළිපැදීමට ගැන සිතා බැලිය යුතුය.

ඩිජිටල් ආරක්ෂණ උපදෙස්

ඔබව අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින්නේ නම් ඊට ප්‍රථම ඔබේ උපකරණ හා දත්ත ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම මගින් ඔබ සහ ඔබේ මූලාශ්‍ර පිළිබඳ තොරතුරු වළට වෙනත් අය පිවිසීමේ අවධානම අඩුවේ.

ඔබේ උපකරණ සූදානම් කිරීම

ඔබව අත්අඩංගුවට ගන්නේ නම් ඔබේ උපකරණ රාජසන්තක කර ඒවා සෝදිසියට ලක් කිරීමේ ඉඩකඩ පවතී.

ඔබේ උපකරණ හා දත්ත ආරක්ෂා කරන්නට පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න:

ඔබේ ගිණුම් ආරක්ෂා කිරීම

ඔබව රඳවා තබා ගතහොත් ඔබේ අන්තර්ජාල ගිණුම් වළ මුරපද ලබා දෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටය හැක. අන් අය ඔබේ ගිණුම්  වළට පිවිසීම ඔබට වැළක්විය නොහැකි වුවද ඔවුන්ට ලබා ගත හැකි දත්ත ප්‍රමාණය අවම කිරීමට ඔබට ක්‍රියාමාර්ග ගත හැක.

ඔබේ ගිණුම් වළ ඇති අන්තර්ගතයන්ට අන් අය පිවිසීම සීමා කරන්න:

පෞද්ගලික ආරක්ෂණ අවවාද

පැවරුමට පෙර සිතා බැලිය යුතු කරණු

– ඔබව අත්අඩංගුවට ගත හැකි / නොහැකි කරුණු;

– මීට පෙර මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත් අවස්ථා සහ ඔවුන් ගැන හැසිරුණු ආකාරය;

– එම දිනයේ අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ කුමන ඒකකයන්ද යන වග (උදා:- නිල ඇඳුම් ඇඳ සිටින නිලධාරින්, සිවිල් ඇඳුමින් සිටින වෙස්ගත් නිලධාරින්, හමුදා සාමාජිකයන් ආදිය);

– චෝදනා ගොනු කරන තෙක් ඔබව කෙතරම් කලක් රඳවා තබා ගත හැකිද යන්න;

–  ඔබට දුරකථන ඇමතුම් දිය හැකිද යන්න හා ඒ කාහටද යන්න වග;

– ඔබට ඔබේ භාෂාවෙන් කතා කළ හැකි නීතිඥයෙකුගේ සහාය ලැබෙන්නේද යන්න;

– ඔබට ලැබෙන නීතිඥ සහාය සඳහා ගෙවන්නේ කවුරුන්ද යන වග;

– ඔබේ තානාපති කාර්යාලයට / කොන්සල් කාර්යාලයට ඔබේ අත්අඩංගුවට ගැනීම ගැන දැනුවත් කරන්නේද (අදාළ නම්);

– අත්අඩංගුවට ගතහොත් ඔබව ගෙන යන්නේ කුමන ස්ථානයකටද යන්න;

සන්නිවේදනය

පැවරුම අතරතුර

ඔබව රඳවා ගතහොත් / අත්අඩංගුවට ගතහොත් 

CPJ සංවිධානයේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබද උපදෙස් කට්ටලය තුළ සිවිල් කෝලාහල ආවරණයේදී ඇතුළු අනෙකුත් අවස්ථා වළ භාවිතා කළ හැකි පෞද්ගලික, ඩිජිටල් සහ මානසික ආරක්ෂණ සම්පත් සහ මෙවලම් පිළිබද සාමාන්‍ය ආරක්ෂක තොරතුරු ඇත. උදවු අවශ්‍ය මාධ්‍යවේදීන් හට emergencies@cpj.org. මගින් CPJ සංවිධානය හා සම්බන්ධ විය හැක.

Exit mobile version